Skip to main content

360 News

ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, 2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නවතම දත්ත අනුව, මේ වසර තුළ ඩෙංගු ආසාදිතයන් 56,422 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, පසුගිය පැය 24ක කාලය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,025 දෙනෙකු වාර්තා වී ඇති බව ද සඳහන් වේ. වාර්තා වන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තවදුරටත් අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවාස හා අවට පරිසරයේ මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙසත්, උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව හෝ ශරීරයේ වේදනාවන් වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්ය.

දිනක් තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,000කට අධික සංඛ්‍යාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *