Skip to main content

360 News

දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව ඩෙංගු අවදානම වැඩි ම පළාත බස්නාහිර පළාත ලෙස නම් කර ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ ම ග්‍රාම නිලධාරී වසම් රැසක් ඊට අයත් වේ.

බස්නාහිර පළාතේ අධිඅවදානම් ග්‍රාම නිලධාරී වසම් මොනවා ද?

ඩෙංගු අවදානම වැඩි ම දිස්ත්‍රික්කය වන්නේ, කොළඹ දිස්ත්‍රික්කය යි. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනේ ම ඩෙංගු අධිඅවදානමක් සහිත ගාමසේවා නිලධාරී වසම් සියල්ල පහත දැක්වේ.

01. කොළඹ දිස්ත්‍රික්කය

බත්තරමුල්ල – බටපොත, සුභූතිපුර, තලංගම උතුර, වල්පොළ, කලපළුවාව, මුත්තෙට්ටුගොඩ

බොරලැස්ගමුව – වේරහැර දකුණ, කටුවාවල දකුණ, නැගෙනහිර බොරලැස්ගමුව, නීලම්මහර, බෝධිරාජපුර, දිවුල්පිටිය නැගෙනහිර

දෙහිවල – කොහුවල, D1, කරගම්පිටිය, නැදිමාලේ

එගොඩඋයන – ඉඳිබැද්ද නැගෙනහිර, එගොඩ උයන දකුණ, එගොඩ උයන උතුර, ඉඳිබැද්ද බටහිර, මොරටුමුල්ල නැගෙනහිර, බටහිර විල්ලෝරාවත්ත